Lanka 24 News
  • Home
  • English
  • National
  • Politics
  • Business
  • Sports
  • Entertainment
  • World News
  • Sports
  • Opinion
No Result
View All Result
  • Home
  • English
  • National
  • Politics
  • Business
  • Sports
  • Entertainment
  • World News
  • Sports
  • Opinion
No Result
View All Result
Lanka 24 News
No Result
View All Result
Home Entertainment

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

October 11, 2020
in Entertainment
1 min read
0
0

සල් සපුනා’ හි ආලියාගේ චරිතය තුළින් බොහෝ සේ ජනප්‍රිය වූ ෂනාලි නිරූපිකාවක් හා නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා. ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවත් පසුගිය දිනවල ෂනාලිව ක්ෂේත්‍රයේ දකින්න ලැබුණේ නෑ. එයට හේතුව දැනගන්න අපි ෂනාලිට කතා කළා.

ෂනාලි කොහොමද ඉතින් ජීවිතේ?

RelatedPosts

මට මේ ක්ෂේත්‍රයේ හුදකලා වෙන්න බෑ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ

අලුත් අය එක්ක මට තරගයක් නැහැ

සුජීවගේ දුව කිව්වොත් තමා මාව අඳුනන්නේ

ජීවිතේ සතුටින් ගෙවෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයට තමයි ඔබ මුලින්ම එන්නේ?

ඇත්තටම මගේ ආසාව තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. මම එයාලයින් ටිකටින් පවා කළා. මගේ අම්මට හොඳට ඇඳුම් ඩිසයින් කරන්න පුළුවන්. එයා ඩිසයින් කළේ විලාසිතා පොත් බලන්. ඒ තියෙන විලාසිතා දැක්කම මට හිතුණා පස්සේ නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒ හීනෙත් එක්ක මම ඇතුළත් වුණා ප්‍රවීණ නිරූපණ ශිල්පී රොසෑන් ඩයස්ගේ Zaid images කියන නිරූපණ ශිල්පිනියන් පුහුණු කරවීමේ වැඩසටහනකට.

නිරූපණ ක්ෂේත්‍රය නිසාද ඔබට රඟපාන්න ලැබුණේ?

ඔව්. එතනින් පස්සෙ තමයි මට රංගනයටත් ආසාවක් ඇති වුණේ. මම ස්ක්‍රීන් ටෙස්ට් තුන හතරකටම ගියත් ඒ එකකින්වත් මාව තේරුණේ නෑ. ඊට පස්සේ මම ඒ වැඩේ අතඇරියා මම මේකට ගැළපෙන්නෙ නෑ කියලා. නමුත් ඒ බොහෝ තැන්වලදී වුණේ රඟපාන්න තෝරගෙන ඉන්න නළුවා මට වැඩිය උසින් අඩුයි. මගේ උස 5’6’’ ක් විතර. ඉතින් ඒ නිසා මට හිතුණා මට ගැළපෙන්නේ නිරූපණ ක්ෂේත්‍රය කියලා.

ඉතින් එහෙම ලේසියෙන්ම හම්බවුණ දුර්ලභ අවස්ථාවට කැපිලි කෙටිලි ආවේ නැද්ද?

අපෝ ආවා. කවුරුත් කැමැති නෑ තමන් අමාරුවෙන් ලබාගත්ත දෙයක් තව කෙනෙක් ලේසියෙන්ම ලබාගන්නවට. මමත් මේ කට්ට කාලා ආවේ ඔයාලත් ඒ කට්ට කන්න ඕන කියලා තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් සුසිලා ආයතනය මාව විශ්වාස කරලා “සල් සපුනා” නාට්‍යයේ ‘ආලියා’ කියන ප්‍රධාන චරිතයම මට දුන්නා. දවසක් දමිතා අක්කාව දැකලා අපේ අම්මා කිව්වා අන්න දමිතා අබේරත්න ඉන්නවා ගිහින් කතා කරලා එන්න කියලා. එදා මම ඇය එක්ක පින්තූරයක් ගත්තා. එච්චර ආසාවෙන් හිටපු නළු නිළියො එක්ක රඟපාන්න ලැබුණ එකම වාසනාවක්.

ෂනාලිගේ වෘත්තිය රංගනයද?

නෑ. මම සොෆ්ට්ලොජික් ආයතනයේ රැකියාව කරන ගමන් තමයි සියල්ලටම සහභාගී වෙන්නේ. මගේම කේක් ව්‍යාපාරයකුත් කරගෙන යනවා ‘Barbies cake factory’ කියලා. ඒ අතරේ තමයි රංගන, නිරූපණ කටයුතු කරන්නේ.

එච්චර ජනප්‍රිය වුණ ආලියා දැන් වැඩිය පේන්න නැත්තේ ඇයි?

දැන්නම් මම රංගන කටයුතුවලින් ඈත් වෙලා ඉන්නේ. නමුත් නිරූපණ කටයුතු දිගටම කරගෙන යනවා. ඒ වගේම නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයේ රැඳී ඉන්නත් බලාපොරොත්තු වෙනවා. මම පසුගිය ජූනි 10 වැනිදා විවාහ ගිවිසගත්තා. ඉතින් මට හිතුණා විවාහයෙන් පස්සේ රංගනයට සමුදෙන්න. ඒක තමයි දැන් වැඩිය රූපවාහිනියේ නොපෙනෙන්න හේතුව.

සැමියා මුණගැසුණ විදිහත් කියමු එහෙනම්?

ඔහු රජිත. මුණගැසුණේ සොෆ්ට්ලොජික් ආයතනයෙන්. රජිත කියන්නේ මට ලැබුණු හොඳම යාළුවා. අපි දෙන්නම කඩවත නිසා අපේ ආයතන ප්‍රධානියත් මාව කාර්යාලයට එක්ක එන්න කියලා රජිතට තමයි බාරදුන්නේ. ඒ නිසා මටයි රජිතටයි හැමෝම විහිළු කරන්න පටන්ගත්තා අපි පෙම්වතුන් කියලා. නමුත් මම මට විහිළු කරපු හැමෝටම කිව්වේ මේ ලංකාවේ අන්තිම පිරිමියා රජිත වුණත් මම එයාවනම් බඳින්නෑ කියලා. රජිතගේ වැරැද්දක් නැතත් මම එහෙම කිව්වා. මොකද මගේ හිතේ රජිත ගැන එහෙම අදහසක් තිබුණේ නෑ. අනික එතකොට අපි දෙන්නටම වෙන වෙන සම්බන්ධතාත් තිබුණා. නමුත් ඒ දෙකම එච්චර සාර්ථක වුණේ නෑ. අපේ වටේ හිටපු හැමෝමත් කිව්වා අපි දෙන්නම තමයි ගැළපෙන්නෙ කියලා. ඉතින් එහෙම යද්දි අපේ යාළුකම අවබෝධයත් එක්ක ආදරයක් වුණා. අද මට හිතෙනවා අපේ යාළුවෝ නෑදෑයෝ කියපු දේවල් විහිළු විදිහටම බාර අරගෙන ඉඳලා රජිතව මඟහැරුණනම් මම කළේ ලොකු මෝඩකමක් කියලා.

කෞශල්‍යා පතිරණ

Tags: ෂනාලි
ShareTweetPin
Previous Post

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

Next Post

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

Related Posts

චන්දිමාල් ජයසිංහ
Entertainment

මට මේ ක්ෂේත්‍රයේ හුදකලා වෙන්න බෑ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ

August 25, 2020
අලුත් අය එක්ක මට තරගයක් නැහැ
Entertainment

අලුත් අය එක්ක මට තරගයක් නැහැ

August 25, 2020
anjali
Entertainment

සුජීවගේ දුව කිව්වොත් තමා මාව අඳුනන්නේ

August 14, 2020
Next Post
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්

කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..

පොලිස් නිලධාරියෙකුට කොරෝනා

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පොලිස් නිලධාරියෙකුට කොරෝනා

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

October 25, 2020
ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්

කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..

October 25, 2020
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

October 25, 2020
මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

October 11, 2020

Tweets

Highlights

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

මන්නාරමේ ගම් දෙකක් හුදකලා කෙරේ

චොකා මල්ලි වෙනුවට එන අපේක්‍ෂකයන්ගේ මනාප සමානයි.. මන්ත‍්‍රී තෝරන්න කාසියක් උඩ දමනවා..

පාසල්වල 6-13 දක්වා ශ්‍රේණි හෙට සිට සාමාන්‍ය පරිදි

කොළඹට අලුතින් ගුවන් පාලම් 03ක්.. වියදම බිලියන 06ක්..

Trending

පොලිස් නිලධාරියෙකුට කොරෝනා
Top Story

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.

October 25, 2020

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන්...

ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්

කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..

October 25, 2020
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

October 25, 2020
මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

මට ඕන වුණේ ජනප්‍රිය වෙන්න

October 11, 2020
Minuwangoda Brandix

ලංකාවම කතා කළ ‘බ්‍රැන්ඩික්ස්’ සුපර්වයිසර්වරිය ප්‍රදීපිකා දැන් කියන කතාව

October 11, 2020
Lanka 24 News

Lanka 24 News is your Srilankan Internet Newspaper. We provide you with the latest breaking news, be it Political, Social, Economic, Community or Sports News, from around Sri Lanka and abroad.

Category

  • Breaking News
  • Business
  • Entertainment
  • Latest News
  • National
  • News
  • Opinion
  • Politics
  • Sports
  • Tech News
  • Top Story
  • Weather
  • World

Recent Posts

  • පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි.
  • කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..
  • කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

Follow Us

  • About
  • Privacy Policy
  • Cookie Policy
  • Terms and Conditions
  • Contact

Copyright Ⓒ 2019-2020. Lanka24News.Com. Powered by Colombo Media Network.

No Result
View All Result
  • Home
  • Politics
  • News
  • Business
  • Culture
  • National
  • Sports
  • Lifestyle
  • Travel
  • Opinion

Copyright Ⓒ 2019-2020. Lanka24News.Com. Powered by Colombo Media Network.

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.